23April2017

ගාල්ල ටෙස්ට් තරගයේදී පාකිස්තානු කණ්ඩායම ලකුණු 100 කට දවාගත් නමුත් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානුවන්ට නොදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් පිටියට යැව්වේ දුර දිග සිතා බැලීමෙන් පසුව බව මහේල ජයවර්ධන පවසයි. පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 209 කින් ජයගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා නායකයා මේ බව ප‍්‍රකාශ කර සිටියේය.

ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පෙරේදා (25 වැනිදා) නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 472 ක් ලබාගත්තේය. පාකිස්තානු පිලේ පළමු ඉනිම ලකුණු 100 කට සීමා කරමින් ශී‍්‍ර ලංකා පිල මුල් ඉනිමේදී ලකුණු 372 ක් ඉදිරියෙන් සිටි නමුත් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානුවන්ට නොදී නැවතත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් පිටියට පිවිසීම බොහෝ දෙනාගේ විමතියට කාරණයක් විය.

පාකිස්තානු පළමු ඉනිම නිමා වූයේ තරගයේ තුන්වැනි දිනයේ තේ පානයට පොරතුවය. ඒ වන විටත් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තත්ත්වයෙන් විය.

එවන් තත්ත්වයකදී පාකිස්තානු පිතිකරුවන් නැවතත් පිටියට යැවීම සිය ප‍්‍රතිවාදීන්ට වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ආරාධනා කිරීමකි. එහෙත් ශී‍්‍ර ලංකා නායකයාගේ තීරණයට හේතුව එය පමණක් නොවේ.

-අපට තවත් බොහෝ දේ සිතන්න තිබුණා”

-අපේ පන්දු යවන්නන් ඒ වන විටත්  ඕවර 60 ක් යවා තිබුණා. ඒ අවස්ථාවේදී පාකිස්තානු පිල නැවතත් පන්දුවට පහර දීමට යැව්වා නම්, අපේ පන්දු යවන්නන්ට තවත් සැසි (විවේකයන් අතර කී‍්‍රඩාව පැවැත්වෙන කාලය. මෙවන් සැසියක කාලය පැය දෙකකි.) තුනක් හෝ හතරක් පන්දු යවන්නට වෙනවා” යයි මහේල ජයවර්ධන පැවසීය.

එසේ පිට පිටම පන්දු යැවීමට තම කී‍්‍රඩකයන් යොදා ගත්තා නම් පාකිස්තානු මුල් ඉනිමේදී ලද උත්සාහයම නැවතත් ලබාගත හැකිද යන්නත් තරමක ප‍්‍රශ්නයක්ව තිබූ බවත් හෙතෙම පැවසීය.

-කුලසේකර වගේ කෙනෙක් එක දිගට එක්දින තරග 5 ක් කී‍්‍රඩා කිරීමෙන් පසුවයි මේ තරගයට ආවේ”

-ඇරත් ඒ  වන විටත් තරගයේ ගෙවී ගොස් තිබුණේ දින දෙක හමාරක් පමණයි. ඒ නිසා පන්දුවට පහරදීමට වඩාත් සුදුසු තණතීරුවක අපේ පිතිකරුවන් ප‍්‍රයෝජන ගැනීම වඩාත් යෝග්‍යයි කියා මා සිතුවා”

-අපට  ඕනෑ කළේ පාකිස්තානු පිලට ළ`ගා වීමට නොහැකි ඉසව්වක් කරා තරගය ඇදගෙන ගිහින් අපේ පන්දු යවන්නන්ට හොඳ විවේකයක් දීමටයි” යයිද ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.

-පිට පිටම පන්දුවට පහර දෙන්න පාකිස්තානු පිල යැවීම පහසුයි. ඒත් අප වඩාත් දුරදිග හිතා බලා කටයුතු කරන්න  ඕනෑ” යයිද හෙතෙම පැවසීය.

තරගයේ දින ගෙවී යත්ම තණතීරුව වඩ වඩාත් මන්දගාමී වන්නට විය. එහි ලකුණු ලබාගැනීම අසීරු වූ නමුත් කඩුල්ල රැකගෙන ඉඳීමේ හැකියාව තිබිණ.

-ඒ තිබුණ තත්ත්වය අනුව  ඕනෑම කෙනෙක් හිතන්නේ ඉතිරි කඩුලූ ටික දවාගෙන තරගය ඉවර කරලා දාන එක ගැනයි. ඒත් පකිස්තානු පිිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා”

-අපේ පන්දු යවන්නන්ට බොහෝ මහන්සි වී කටයුතු කරන්නට සිදුවුණා. කොහොම වුණත්, තරගය ආරම්භ වීමට පෙර අප කළ සැලසුම් සියල්ලම එලෙසින්ම කි‍්‍රයාවට න`ගන්නට හැකිවූ නිසා තරගය ජයගත හැකිවුණා” යයිද මහේල පැවසීය.

පසුගිය මාර්තු මාසයේදී එංගලන්ත පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ජයගත් නමුත් කොළඹදී පැවති දෙවැනි තරගය පරාජය වීම නිසා ශී‍්‍ර ලංකා පිලට තරගාවලිය ජයගත නොහැකි විය. එහෙත් මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කී‍්‍රඩා කළේ පෙර පැවැති තරග දෙකටම වඩා ඉදිරියට යමිනි.

-පන්දවට පහර දීමේදී පැහැදිළි ලෙසින්ම දියුණුවක් තිබුණා”

-ඩිල්ෂාන් ශතකයක් ලබාගත්තා. ඩිල්ෂාන් ශතකයක් ලබාගත්තාම ඔහු අපව ඉතාමත් හොඳ ස්ථානයකට ගෙනෙනවා. මොකද ඔහු වේගයෙන් ලකුණු ලබාගන්නා නිසා”

-කුමාර් සුපුරුදු පරිදි විශාල ඉනිමක් කී‍්‍රඩා කළා. ඒත් කලින් තිබුණේ ලබාගන්නා හොඳ ආරම්භයන් අපට ඉදිරියට ගෙන යාමට නොහැකි කමයි. දැන් ඒ දුර්වලකමින් මිදිලා තිබෙනවා” යයි පැවසූ මහේල සුරාජ් රන්දිව්ගේ පන්දු යැවීම එංගලන්ත තරගයේදී කළ පන්දු යැවීමට වඩා බොහෝ ඉදිරියෙන් වූ බවද ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේදීත් විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය තිබුණානම් වඩාත් යෝග්‍ය බව පැවසීමටද හෙතෙම අමතක නොකළේය.

-මා කවදත් විතීවි ක‍්‍රමවේදයට කැමතියි. එය සෑම දෙනාටම නිවැරදි තීරණ වැඩි ප‍්‍රමාණයක් ලබාගැනීමට උපකාරී වෙනවා. එය විනිසුරුවරුන්ටත් පහසුවක්” යයිද මහේල පැවසීය.

ගාල්ල ටෙස්ට් තරගය විනිශ්චය කළ ස්ටීව් ඬේවිස් ( ඕස්ටේ‍්‍රලියාව) සහ ඉයන් ගෝල්ඞ් (එංගලන්තය) විනිසුරුවරුන් දෙදෙනාගේ තීරණ විශාල ප‍්‍රමාණයක් මතභේදයට තුඩුදුන් අතර විතීවි ක‍්‍රමවේදය නොතිබීම නිසා වැරදි තීරණ රැසක් සමගින් තරගය කරගෙන යාමට දෙපිලේම නායකයන්ට සිදුවිය.

Read more...

For the second time in mercantile football history, Virtusa is ready to show the colours of victory. As an initiation, distribution of jersey among players was held yesterday (26th June 2012) at Virtusa headquarters with Associate Director Mr Sanjeev Palihawadana who had the true passion to make the huge success in Virtusa’s soccer perspective.

Read more...

පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක් ලබාගත් කුමාර් සංගක්කාර නැවත වතාවක් අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය කරා නැවතත් ළගා වෙමින් සිටී.

පසුගිය ගාල්ල ටෙස්ට් තරගයෙන් අනතුරුව, පසුගිය අගහරුවාදා නිකුත් කරන ලද නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර ප‍්‍රසාද ලකුණු 850 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානය ලබාගෙන ඇත. ගාල්ල ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ප‍්‍රසාද ලකුණු 779 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ සිටියේය. ලයිස්තුවේ පළමු ස්ථානය ගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක ෂිව්නරීන් චන්දර්පෝල්ට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 856 කි. ඒ අනුව ලබන සෙනසුරාදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී තවත් දිගුඉනිමක් කී‍්‍රඩා කිරීමට හැකි වුවහොත් නැවත වතාවක් අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය ගැනීමේ අවස්ථාව සංගක්කාරට තිබේ.

ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා වන සංගක්කාර අවසන් වතාවට ටෙස්ට් පිතිකරුවන් අතර පළමුවැනි ස්ථානය ලබාසිටියේ 2011 නොවැම්බර් මාසයේදීය. මේ අතර ගාල්ල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් (28), ප‍්‍රසාද ලකුණු පුවරුවේ ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ සිටින අතර මහේල ජයවර්ධන (13) ස්ථාන දෙකකින්ද, ප‍්‍රසන්න ජයවර්ධන (45) ස්ථාන හතරකින්ද ඉදිරියට පැමිණ සිටිති.

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අපි‍්‍රකාවේ ඬේල් ස්ටෙයින් තවමත් පෙරමුණේ රැඳී සිටින අතර පාකිස්තානු දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල් දෙවැනි ස්ථානයේ සිටී. සුරාජ් රන්දිව් ස්ථාන 12 ක් ඉදිරියට එමින් ටෙස්ට් පන්දු යවන්නන් අතර 41 වැනි ස්ථානය ලබා සිටින අතර නුවන් කුලසේකර 43 වැනි ස්ථානයේ සිටී.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ස්ථානය

01 ෂිව්නරීන් චන්දර්පෝල්  බටහිර කොදෙව්  856

02 කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා 850

03 ඒ. බී. ඩිවිලියර්ස් දකුණු අප‍්‍රිකාව  821

04 ජැක් කලිස් දකුණු අප‍්‍රිකාව  819

05 යුනිස් ඛාන් පාකිස්තානය 808

06 මයිකල් ක්ලාක් ඕස්ටේ‍්‍රලියාව 771

07 හෂිම් අම්ලා දකුණු අප‍්‍රිකාව 763

08 රොස් ටේලර් නවසීලන්තය 761

09 ඇලිස්ටෙයාර් කුක් එංගලන්තය 756

10 ගේ‍්‍රඒම් ස්මිත් දකුණු අප‍්‍රිකාව 753

11 සචින් තෙන්ඩුල්කාර් ඉන්දියාව 749

12 තිලාන් සමරවීර ශ්‍රී ලංකාව 742

13 මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව 735

14 මිස්බා උල් හක් පාකිස්තානය 734

15 ඉයන් බෙල් එංගලන්තය 723

16 කෙවින් පිටර්සන් එංගලන්තය 718

17 ජොනතන් ට්‍රොට් එංගලන්තය 709

18 මයික් හසි ඕස්ටේ‍්‍රලියාව 705

19 අසාර් අලි පාකිස්තානය 703

20 රිකි පොන්ටින් ඕස්ටේ‍්‍රලියාව 691

තෝරාගත් ශ්‍රේණිගත කිරීම්

28 තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව 617

31 ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව 580

36 මොහොමඞ් හෆීස් පාකිස්තානය 551

38 අසාඞ් ෂෆීක් පාකිස්තානය 544

45 ප‍්‍රසන්න ජයවර්ධන ශ්‍රී ලංකාව 505

46 තවුෆීක් උමාර් පාකිස්තානය 502

48 තරංග පරණවිතාන ශ්‍රී ලංකාව 500

75 අද්නන් අක්මල් පාකිස්තානය 336

Read more...

Brendan Hansen will make an Olympic comeback at London 2012 after winning the 100m breaststroke on day two of the US Olympic trials at Omaha.

Hansen, 30, had retired after Beijing 2008 after failing to win an individual gold in two attempts at the Olympics.

But after winning in 59.68 seconds, he said: "I'm really proud of myself for sticking to it and working hard.

Read more...

හික්කඩුවේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේ වයස 6 න් පහළ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

වයස 6 න් පහළ (බාලක) කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාව රන් පදක්කම දිනා ගත්තේය. තිළිණ ජයසිංහ, සෙනිල ගුණරත්න සහ දිනුපුර හපුආරච්චි රන් පදක්කම් ලාභී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති. එම වයස් කාණ්ඩයේ බාලිකා ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාව දිනාගත් අතර ටාෂී ඔමායා, පංචාලී රත්නායක සහ මෙත්සරා ද සිල්වා ශ්‍රී ලංකා පිල නියෝජනය කළහ.

රටවල් 19 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගිවී සිටින මෙම තරගාවලියේදී ඉන්දියාව මේ වන විට වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත්ව සිටියි.

Read more...

Melissa Reid says she barely felt any nerves during an emotional win at the Raiffeisenbank Prague Masters less than a month after the death of her mother.

The Derbyshire golfer, who was playing her first event since her mother Joy died in a car accident in Germany in May,  beat Diana Luna by one shot.

Read more...

Olivier Giroud signs for Arsenal from Montpellier Featured

Arsenal have finalised the signing of Olivier Giroud from Montpellier for a reported £12m.

The France international, 25, completed a medical and paperwork with the club on Monday evening.

Gunners manager Arsene Wenger intends to utilise Giroud in a front three alongside fellow new signing Lukas Podolski and Robin van Persie

Read more...

ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පාකිස්තානය පරදවා ලකුණු 209 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (25 වැනිදා) සමත්විය.

තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 510 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 300 කට දැවී ගියේය.

මෙම ජයත් සමගින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1‐0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

Read more...

Page 6 of 11

Newsletter