23May2017

රහීම් - සොහාග් ගාසි සටන්කාමී පිතිහරඹයක Featured
27 Jan
Written by 

රහීම් - සොහාග් ගාසි සටන්කාමී පිතිහරඹයක

සංචාරකශ‍්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට්ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මීර්පූර්හි දැන් පැවැත්වෙන පළමු තරගයේපළමු දිනය වන අද (27) තේ විවේකය සදහා ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිලපළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටියේය.

තේ විවේකය වන විට නායක මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 55) සහ සොහග් ගාසි (නොදැවී 21) පන්දුවට පහර දෙමින් සිටියහ.

ශාමින්ද එරංග ශ්‍රී ලංකා පිලේ සාර්ථකමපන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 49 කට කඩුලූ තුනක් දවා ගැනීමට සමත්වසිටියේය. ශකීබ් අල් හසන් (55) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 55) පස්වැනිකඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශය ගෞරවනීයතත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

සුරංග ලක්මාල්ගේ දක්‍ෂ පන්දු යැවීම හමුවේමොමිනුල් හල් ලකුණු 8 කට දැවී යෑමත් සමග ලකුණු 59 කට කඩුලූ 4 ක් බවට පත්වබංග්ලාදේශ පිල අසීරු තත්ත්වයකට පත්විය.

නායක ඇන්ජලෝ මැතිව්ස්, බංග්ලාදේශ අංක තුන පිතිකරු මර්ෂල් අයුබ්ගේ (01) ඉනිම පන්දු හයකට සීමා කිරීමට සමත් විය.  

ශාමින්ද එරංග හොද ආරම්භයක් ලබා ගනිමින්ප‍්‍රවේගකාරි පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 6 ක් ලබා සිටියදී පළමු කඩුල්ලලෙස පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ පිලට ආරාධනා කළේය.

මෙම තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතව සිටිශ‍්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධනගේ පියාණන්අභාවප‍්‍රාප්ත වීම නිසා අද (27) පෙරවරුවේ ප‍්‍රසන්න නැවත ශ‍්‍රී ලංකාවට  පිටත්කර එවා තිබේ. ඒ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් කඩුලූ රකින්නා ලෙස කටයුතුකරයි.

ප‍්‍රසන්න ජයවර්ධනගේ ස්ථානයට මෙම තරගයේදී කිත්රුවන් විතානගේ කැදවා තිබේ. 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

Newsletter