23May2017

You are here: Home Cricket කුමාර් සංගක්කාර වසර 24ක් පැවති දුෂ්කර ටෙස්ට් වාර්තාවක් සම කරයි
කුමාර් සංගක්කාර වසර 24ක් පැවති දුෂ්කර ටෙස්ට් වාර්තාවක් සම කරයි Featured
07 Feb
Written by 

කුමාර් සංගක්කාර වසර 24ක් පැවති දුෂ්කර ටෙස්ට් වාර්තාවක් සම කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අද යළි ත් වාර්තා කිහිපයක් පිහිටුවීමට සමත් විය.

ග්‍රැහැම්ගූච්ට පසුව වසර 24කට පසු පළමු ඉනිමේදී ත්‍රිත්ව ශතකයක් රැස් කර දෙවනඉනිමේදී ශතකයක් රැස් කිරීමට සමත් වූ ක්‍රීඩකයා බවට සංගක්කාර අද පත් විය.

ඔහු පළමු ඉනිමේදී ලකුණු 319ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 105 රැස් කළේ ය.



එම ත්‍රිත්ව ශතකය මෙන් ම දෙවන ඉනිමේ ශතකය ද ඔහු වාර්තා කළේ, 6 පහරවලින් වීම ද විශේෂත්වයකි.

ඊට අමතරව, ටෙස්ට් තරගයකදී වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවන් අතර කුමාර සංගක්කාර තෙවන ස්ථානයට පත් විය.

එහි වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවන් ලෙස ග්‍රැහැම් ගූච් (456) සහ මාර්ක් ටේලර් (426) ඉදිරියෙන් සිටිති.

කුමාර් සංගක්කාර ඉනිම දෙකේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 424කි.

ඔහු අද ශතකය රැස් කළ පසු මුහුණ දුන් පන්දුවේදී අවාසනාවන්ත ලෙස දැවී ගියේ ය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

EDITORS PICKS

  • Features

රහීම් - සොහාග් ගාසි සටන්කාමී පිතිහරඹයක රහීම් - සොහාග් ගාසි ... 2014-01-27 - සංචාරකශ‍්‍රී ලංකා පිල සහ බංග... More detail
 ශ‍්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ‍්‍රී ලංකාව පන්ද... 2014-01-27 - සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ බංග්... More detail
ශ්‍රි ලංකාවේ කුමාර්ලා ජගත් සම්මාන දිනති ශ්‍රි ලංකාවේ කුමාර... 2012-09-23 - අන්තර් ජාතික ක්‍රිකට් සම්මාන ... More detail

Newsletter